තත්ත්පර දෙකේ වාසනාව

53
0

ටෙලිකොම් රේසිං පාපැදි සවාරියේ සමස්ත ශුරතාව දිනාගන්නට නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් සමත් වුනා.

ඒ රුපියල් මිලියනයක සුපිරි ත්‍යාගය තමන් සතු කරගනිමින්.

දර්ශන  සහ දෙවන ස්ථානය දිනාගත් යුද හමුදාවේ චරිත් අතර කාල පරතරය තත්ත්පර 2ක් වීම විශේෂත්වයක්.

ටෙලිකොම් “ස්පීඩ් අප් “පාපැදි සවාරිය අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වුනා.

සමස්ත තරගයේ මුඵ දුර දැක්වුණේ කිලෝමීටර 780ක් ලෙසයි.

එම දුර පැය 18යි  විනාඩි 29 තත්ත්පර 53 කින් අවසන් කරන්නට නාවික හමුදාවේ දර්ශන ප්‍රසාද් සමත්වුනා.

සමස්ත තරගයේ දෙවැනි ස්ථානය දිනූ  යුද හමුදාවේ චරිත් ප්‍රනාන්දු ගතකල කාලය වුනේ පැය. 18යි විනාඩි 29යි තත්ත්පර 55ක්. කිලෝමීටර 203 කින් යුක්තවූ  අනුරාධපුරයේ සිට පොලොන්නරුව හරහා මඩකලපුව දක්වා පැවැති අවසන් අදියරේ පළමු වැනි කොටස කස්සප සිරිවර්ධන විසින් ද දෙවැනි කොටස ගයාන් කුමාර විසින්ද දිනා ගන්නා ලදී.

සාග් පදක්කම් ලාභී ජීවන් ජයසිංහ පෙරේදා සිවුවැනි අදියර ජයගත් අතර සමස්ත තරගයේදී ඔහු තෙවැනි ස්ථානය හිමිවුණා.

මෙහිදී දින කිහිපයක් සමස්ත තරගයේ පෙරමුණ රැක ගෙන සිටි චරිත් ප්‍රනාන්දුට ඊයේ අවසන් අදියරේදී තත්පර දෙකක  පසුබෑම හේතුවෙන් සමස්ත තරගයේ ජයග්‍රහණය අවසන් මොහොතේ අහිමිව යෑම කපිපෙනුනා.

සමස්ත තරගයේ ශූරයා වූ දර්ශන කිසිදු අදියරක් ජයග්‍රහණය නොකළ ක්‍රීඩකයකු වීම ද විශේෂත්වයක් .

මෙවර ටෙලිකොම්  “ස්පීඩ් අප් “පාපැදි සවාරියට තරගකරුවන් 169 දෙනකු සහභාගි වු වුනා.

 

සමස්ත තරගයේ ජයග්‍රාහකයෝ (කිලෝමීටර 780)

1. දර්ශන ප්‍රසාද් (නාවික) පැය. 18. විනාඩි 29.53

2. චරිත් ප්‍රනාන්දු (යුද) පැය. 18. විනාඩි 29.55

3. ජීවන් ජයසිංහ (ගුවන්) පැය. 18. විනාඩි 23.22

4. අවිශ්ක මැඩොන්සා (පොලිසිය) පැය. 18. විනාඩි 30.31

5. කස්සප සිරිවර්ධන (වරාය) පැය. 18. විනාඩි 30.46

 

වේගවත්ම පාපැදි ක්‍රීඩකයා: ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව)

දක්ෂතම කඳු නැඟීමේ ශූරයා: විරාජ් රමේෂ්

Comments

comments

SHARE