චමිල් – චලනි බස්නාහිර පළාත් කැරම් ශූරතා දිනා ගනිති…

84
0

බස්නාහිර පළාත් කැරම් තරගාවලිය පසුගියදා අවසන් වුණේ කොහුවල පිහිටි කැරම් සම්මේලන මුලස්ථාන ශාලාවේදී.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පැවැති මේ තරගාවලිය සංවිධාන කළේ බස්නාහිර පළාත් ක්‍රිඩා අමාත්‍යාංශයයි.

ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා එක් පළාතකින් ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙක් බැගින් තෝරා ගැනෙනවා.

බස්නාහිර පළාත් කැරම් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගත්තේ චමිල් කුරේ.

අවසන් තරගයේදී ඔහු හමුවේ නිශාන්ත ප්‍රනාන්දු පරාජය වුණා.

පිරිමි අංශයේ තුන්වන ස්ථානය දිනාගත්තේ සුරාජ් මධුවන්ත.

බස්නාහිර පළාත් කාන්තා කැරම් ශූරිය ලෙස සම්මාන දිනා ගන්නට චලනි ලක්මාලි සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී ජෝසප් රොෂිටා පරාජය කරමින්.

කාන්තා තරගාවලියේ තුන්වන ස්ථානය දිනා ගත්තේ දෙටුනි නොමායා.

බස්නාහිර පළාත් කැරම් තරගාවලියට එක්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 200 කට අධිකයි.

Comments

comments

SHARE