නුවන් ප්‍රදීප්ටත් ආබාධයක් – ගාලු ටෙස්ට් තරගය අවිනිශ්චිතයි..

194
0

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්, ඔස්ට්‍රේලියාව සමග අනිද්දා (04) ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වීම අතිශය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.
ප්‍රදීප් පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක්ව ඇත්තේ ඊයේ දිනයේ පැවති පුහුණුවීම් අතරතුරයි.

ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් ද තවමත් ආබාධ වලින් පීඩා විඳීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නා ලෙස කටයුතු කලේද නුවන් ප්‍රදීප්. හෙට දිනයේ පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණයකින් පසු දෙවන ටෙස්ට් තරගය සඳහා ඔහුට සහභාගී විය හැකිද යන්න තීරණය කෙරෙනු ඇති.

යම් හෙයකින් ප්‍රදීප්ට එම තරගයට සහභාගී විය නොහැකි වුවහොත් අසිත ප්‍රනාන්දුට හෝ විශ්ව ප්‍රනාන්දුට තම මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්තාව හිමිවිය හැකි බවයි වාර්තා වන්නේ.

Comments

comments

SHARE