ජපානය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පහසු ජයක්

100
0

ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ ජපානය සමග පැවති තරගයෙන් පහසු ජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව ලද දෙවන ජය මෙයයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 6ට පමණ ආරම්භ වූ මේ තරගයේ මුල සිටම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තම ආධිපත්‍ය පතුරන්නට සමත් වුනා. පළමු කාර්තුව අවසන් වුනේ ලකුණු 18 – 1 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන එමින්. පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 37 – 5ක් ලෙස තම ග්‍රහණය තවත් දැඩි කරන්නට ඔවුන් සමත් වුනා.

තුන්වන කාර්තුවේ තවත් ලකුණු 12කුත්, සිව්වන කාර්තුවේ ලකුණු 18කුත් රැස් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පහසු ජයක් තහවුරු කරගත් අතර තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ 67 – 14 ක් ලෙසින්.

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවට නියමිත පළමු තරගයෙන් ඊයේ ඔවුන්ට නිතරග ජයක් හිමි වුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලියෙන් ඉවත් වීම හේතුවෙන්.

අද පැවති අනෙකුත් තරග වලදී තායිලන්තය, මැලේසියාව සහ හොංකොං කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළා.

Comments

comments

SHARE