කෙදෙව්වන් තවත් පරාජයක් අභියස

66
0

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමවනවිට බටහිර ඉන්දීය කොදෙව්වන් තවත් දරුණු පරාජයක් අභියස පසුවෙනවා.

ඊයේ දිනයටත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුනා. මේ නිසා යැවීමට හැකිවුණේ පන්දුවාර 15යි පන්දු 5ක් පමණයි.

01ඒ අතරවාරයේදී කොදෙව් දෙවන ඉනිමේ කඩුලු 4ක් ලකුණු 48ක් තුල දවා ගන්නට ඉන්දීය පන්දු යවන්නන්ට හැකිවුනා.

ක්‍රේග් බ්‍රාත්වයිට් ලකුණු 23 යි. පන්දු යැවීමේදී මොහොමඩ් සමී කඩුලු 2ක් බිඳ හෙලුවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 196ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ඉන්දියාව සිය පළමු ඉනිම සදහා කඩුලු 9ක් දැවී ලකුණු 500ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව කොදෙව්වන් ඉන්දීය පළමු ඉනිමට වඩා තවත් ලකුණු 256ක් පසුපසින් සිටිනවා.

02

 

Comments

comments

SHARE