ඒ.බීට, මෝකල්ට ආබාධ – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි.

66
0

සංචාරක නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ඒ.බී.ඩිවිලියස්ට සහ වේගපන්දු යවන ක්‍රීඩක මෝනේ මෝකල්ට අහිමිව තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනාම ආබාධයන්ට ගොදුරු වීම නිසා.

South Africa's captain Graeme Smith, left, with Alviro Petersen, second from right, assist teammate Morne Morkel, second from left, after hurting his right ankle during India's 2nd innings on the third day of their cricket test match at Wanderers stadium in Johannesburg, South Africa, Friday, Dec. 20, 2013. (AP Photo/ Themba Hadebe)
South Africa’s captain Graeme Smith, left, with Alviro Petersen, second from right, assist teammate Morne Morkel, second from left, after hurting his right ankle during India’s 2nd innings on the third day of their cricket test match at Wanderers stadium in Johannesburg, South Africa, Friday, Dec. 20, 2013. (AP Photo/ Themba Hadebe)

ඒ නිසා නවසීලන්තය සමග ටෙස්ට් තරගාවලිය මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ෆැෆ් ඩු ප්ලේසීට.

වැලමිටේ ඇතිව තිබෙන ආබාධයක් නිසා ඒ.බී.ට අවම වශයෙන් සති 6 ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට සිදුවනු ඇති.

2004 වසරේ ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසු ඒ.බී.ට ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගයක් මගහැරෙන පළමු අවස්ථාව මෙයයි. මෝකල්ට නවසීලන්තය සමග ටෙස්ට් තරගාවලිය අහිමි වන්නේ පිට කොන්දේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන්.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 19 වැනිදා සිට ඩර්බන් හීදී පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE