Home Cricket ආර්මි කැප් එකකට පාකිස්ථාන ක්‍රීඩකයින් යවයි

ආර්මි කැප් එකකට පාකිස්ථාන ක්‍රීඩකයින් යවයි

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ව, එරට යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට සහභාගි කරවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත.

මෙය කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහා වන උපක්‍රමයක් බව එරට ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එළඹෙන, මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබන අතර, පාකිස්ථාන කණ්ඩායමේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඊට ඉලක්ක කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here