රියෝ ඔලිම්පික් සංවිධාන කටයුතු වල තවත් අවුලක්

100
0

රියෝ ඔලිම්පික් වෙනුවෙන් බ්‍රසීලයේ සුදානම ගැන පහුගිය දවස්වල් ජාත්‍යන්තර මාධ්‍ය නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළා.

ඒ හැම වර්තාවකින්ම දැනගන්නට ලැබුනේ ඔලිම්පික් තරගාවලිය සදහා බ්‍රසීලය තවමත් හරිහැටි සුදානම් නැහැ කියන එකයි. මේ කරණය තහවුරු කරන තවත් පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය අදත් වාර්තා කළා.

08රියෝ ඔලිම්පික් උළෙලේ සර්ෆින්ග් සහ රුවල් ඔරු තරඟ පැවැත්වෙන්නේ Guanabara Bay හි. එහි වත්මන් තත්වය තමයි ඔවුන් වාර්තා කරලා තිබුනේ. වැසිකිලි අපද්‍රව්‍ය වගේම බ්‍රසීලයේ ලොකුම කසල ඇල වැටෙන්නෙත් මේ Guanabara බොක්කටයි.

ඒ විතරක් ද නෙවෙයි හැම සුමානෙකම ඝාතනයට ලක්වුණු පස්දෙනෙකුගෙවත් මළ සිරුරු සහ සිරුරු කොටස් මේ Guanabara වලින් සොයාගන්නවා..

03මේ Guanabara හි තරඟවලට සහභාගිවන ක්‍රීඩකයින්ට ලොකු අවධානමක් ගන්නත් සිද්ධවෙලා. මෙහි තරඟ කරන ක්‍රීඩකයන්ට මේ වෙද්දී ලොකු උපදෙස් මාලාවකුත් ලබා දෙන්නට රියෝ ඔලිම්පික් බලධාරීන් පියවර අරගෙන. ඒ වතුරෙන් ගොඩට ආ ගමන් නාන්න වගේම පුංචි හරි තුවාලයක් උනොත් වහාම බෙහෙත් ගන්න කියලයි.

රියෝ ඔලිම්පික් උළෙල අනිද්දා අරම්භවීමට නියමිතයි.

09 10 12 07 04 05

Comments

comments

SHARE