ඉන්දියාවේ ජයග්‍රහණය වර්ෂාව උදුරාගනී

97
0
Shane Dowrich of the West Indies connects for a hit past Cheteshwar Pujara of India off a delivery from Ravichandran Ashwin on day five of their Second Test cricket match on August 3, 2016 at Sabina Park in Kingston, Jamaica. / AFP / Frederic J. BROWN (Photo credit should read FREDERIC J. BROWN/AFP/Getty Images)

තරගය පුරාවට වර්ෂාවෙන් එල්ල වූ බාධාවත් අවසන් මොහොතේ කොදෙව් පිතිකරුවන් දැක්වූ සටන්කාමිත්වයත් නිසා දෙවන ටෙස්ට් තරගයෙන් ලබාගතහැකිව තිබු පහසු ජයග්‍රහණයක් ඉන්දීය කණ්ඩායමෙන් ගිලිහී ගියා.

05

ඒ අනුව දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවුනේ ජය පරාජයෙන් තොරවයි.
ඊයේ අවසන් දිනයට තරගය ආරම්භ කරනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි බටහිර ඉන්දීය කොදෙව්වන් සිය දෙවන ඉනිම සදහා කඩුලු 4ක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා.

03කොහොම නමුත් සිය කණ්ඩායම පරාජයේ අවමානයෙන් ගලවා ගැනීමේ වගකීම පැවරුනේ කොදෙව් පසුපෙළ පිතිකරුවන්ටයි.වර්ෂාවේද සහය ඇතිව සිය යුතුකම් කොටස මැනවින් ඉටුකල ඔවුන් සිය කණ්ඩායම පරාජයේ අවමානයෙන් ගලවා ගත්තා. එහිදී 5වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක් එක් කරන්නට ජර්මේන් බ්ලැක්වුඩ් සහ රෝස්ටන් චේස් සමත් වුනා.

බ්ලැක්වුඩ් ලකුණු 63කට දැවී ගියා.

අනතුරුව පිටියේ එක්වුණු චේස් සහ ෂේන් ඩොව්රිච් 6වන කඩුල්ල සදහා ලකුණු 144ක විශිෂ්ට සබදතාවක් ගොඩනැගුවා. ඒ අතරවාරයේ රෝස්ටන් චේස් සිය මංගල ටෙස්ට් ශතකය වර්තාකලා. ඩොව්රිච් ලකුණු 74කින් කොදෙව් දෙවන ඉනිම සවිමත් කළා.
ඔහුගේ දැවී යාමෙන් අනතුරුව නායක ජේසන් හෝල්ඩර් , ඩොව්රිච් සමගින් පිටියේ එක්වුණා.

තරගය ජය පරාජයෙන් තොරව නිමවන තුරුම සිය කඩුලු ආරක්ෂා කරගන්නට ඔවුන්ට හැකිවුණා.
ඩොව්රිච් නොදැවී ලකුණු 137යි.
හෝල්ඩර් නොදැවී ලකුණු 64ක් ලබා ගත්තා.
කොදෙව්වන් සිය දෙවන ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 388ක් රස්කලා.
ඔවුන් සිය පළමු ඉනිමේදී ලකුණු 196කට සියල්ලන් දැවී ගියා.
ඉන්දියාව සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 500ක් රස්කලා.
රෝස්ටන් චේස් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා.

02

Comments

comments

SHARE