පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකා යෞවනයන්ට

94
0

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන සිව්දින තරගය ඊයේ නොතම්ප්ටන් හිදී අරම්භාවුනා.

ඊයේ දිනය නිමාවනවිට තරගයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා යෞවනයින්ට හිමිව තිබුනා.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. සිය නායකයාගේ තීරණයට සාධාරණය ඉටුකළ ලහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 208කට සීම කළා.

එංගලන්ත යොවුන් නායක මැක්ස් හෝල්ඩන් ලකුණු 111ක් ලබා ගත්තා.
ඔලී වෙස්ට්බරි ලකුණු 45යි. අගනා පන්දු යැවීමක නිරතවුණු ලහිරු කුමාර ලකුණු 82කට කඩුලු 7ක් දවා ගත්තා.

දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටියා.

නායක චරිත් අසලංක නොදැවී ලකුණු 20යි.
අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 10යි.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් එංගලන්ත යොවුන් පළමු ඉනිමට වඩා ලකුණු 160ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 9ක් ඇතැතිවයි.

Comments

comments

SHARE