එංගලන්තය සමග තුන්වන ටෙස්ට් තරගයේ පාලනය පකිස්තානු පන්දු යවන්නන් අතට ගනී

125
0

තරග 4කින් සමන්විත එංගලන්ත – පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 3වන තරගය ඊයේ ආරම්භ වුනා බර්මින්ග්හැම් හිදී.

01

තරගයේ කාසියේ වාසිය දිනු පකිස්තානු නායක මිස්බා උල් හක් සිය වේග පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තබමින් පළමුව පන්දු යැවීමට තීරණය කළා. එහි අවසන් ප්‍රතිපලය වුනේ ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත එංගලන්ත කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 297ක සීමා වීමයි.

02නායක අලෙස්ටයාර් කුක් ලකුණු 45ක් රස කළා.
ජේම්ස් වින්ස් ලකුණු 39යි.
එංගලන්ත මැදපෙළ සවිමත් කල ගැරී බැලන්ස් ලකුණු 70ක් ලබා ගත්තා. ඔහුට අනගි සහයක් ලබාදුන් මොයින් අලී ලකුණු 63කින් එංගලන්ත පළමු ඉනිම සවිමත්කලා.

එංගලන්ත පළමු ඉනිම වැනසූ සොහෙල් ඛාන් ලකුණු 96කට කඩුලු 5ක් බිදහෙලුවා.
ඊට අමතරව මොහොමඩ් අමීර් සහ රහත් අලී කඩුලු දෙක බැගින් දවාගත්තා.

05

06

03 08

07

Comments

comments

SHARE