විශ්වට ටෙස්ට් වරම්

375
0

ඔස්ට්‍රේලියාව සමග අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවුනු දෙවන ටෙස්ට් තරගයේදී වේග පන්දුයවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත්තා.

ඔහුට ටෙස්ට් හිස්වැස්ම පිරිනමනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන රොමේෂ් කලුවිතාරණයි.

විශ්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 137වන ක්‍රීඩකයාද වනවා.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදී සිසුවෙකු වන ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා සංචිතයට කැදවනු ලැබුවත් ඔහුට ටෙස්ට් වරම් හිමිවුණේ නැහැ.

වර්තමානයේදී බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන විශ්ව පළමු පෙළ තරග 44කදී කඩුලු 127ක් බිදහෙලා තිබෙනවා.

Comments

comments

SHARE