එංගලන්ත පළමු ඉනිමට පාකිස්තානයෙන් ප්‍රභල පිළිතුරක්

121
0

එංගලන්තය සමග බර්මින්ග්හැම් හිදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවනවිට පකිස්තානු පිතිකරුවන් තරගයේ පාලනය සියතට ගෙන තිබුනා.

10

ඊයේ දිනයට තරගය ආරම්භ කරනවිට පකිස්තානු පිතිකරුවන් කිසිවෙකු නොදැවී ලකුණු ලබාගෙන සිටියේ නැහැ. පකිස්තානු පළමු ඉනිමේ සිව්වන පන්දුවෙන් මොහොමඩ් හෆීස් ක්‍රීඩාගාරයට හරවා යැවූ ඇන්ඩර්සන් එංගලන්තයට හොඳ ආරම්භයක් ලබාදුන්නා.
කොහොම නමුත් ඉන් අනතුරුව පිටියේ එක්වුණු සමී අස්ලාම් සහ අසාර් අලී පකිස්තානු කණ්ඩායමට අවශ්‍ය කරන සබධතාව ගොඩනැගුවා. ඒ දෙවන කඩුල්ලට අගනා ලකුණු 181ක් එක්කරමින්.

0905

සිය මංගල අර්ධ ශතකය රැස්කළ අස්ලාම් ලකුණු 82ක් ලබා සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඔහු සිය ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහරකින් සවිමත් කළා.
ඉන් අනතුරුව අසාර් සමගින් පිටියේ එක්වුණේ යුනිස් ඛාන්.ඔවුන් දෙදෙනා සෙමෙන් සෙමෙන් පකිස්තානු ඉනිම ගොඩනැගුවා. ඒ අතරවාරයේදී අසාර අලී සිය 10වන ටෙස්ට් ශතකය වාර්තාකලා. ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් සහ හයේ පහරක් ඇතුලත්වුනා.
මිනිත්තු 381ක් පුරා කඩුල්ලේ රැදී සිටි අසාර් අලී දැවී යනවිට ලකුණු 139ක් ලබාගෙන සිටියා. යුනිස් ඛාන් නොදැවී ලකුණු 21යි. දිනය නිමාවනවිට පාකිස්තානය සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 257ක් ලබාගෙන සිටියා.

01

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 297ක් රස්කලා.

ඒ අනුව පාකිස්තානය ,එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 40ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 7ක් අතැතිවයි.

03

04 02

Comments

comments

SHARE