තරගයේ පාලනය ශ්‍රී ලංකා යෞවනයන්ට

153
0

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන සිව්දින තරගයේ තුන්වන දිනය අදයි.

ඊයේ දෙවන දිනයට තරගය නතරකරනවිට එංගලන්ත යොවුන් ක්‍රීඩකයින් සිය දෙවන ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියා. මෙම තරගයේදී ඔවුන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 208ක් රස කළා. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා අවුරුදු 19න් පහල ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 307ක් ලබා ගත්තා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49කින් සහ චරිත් අසලංක ලකුණු 33කින් ශ්‍රී ලංකා පළමු ඉනිම සවිමත්කලා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුනේ නවිදු විතානගේ. ඔහු නොදැවී ලකුණු 80ක් රැස් කළා.ඊට අමතරව ජෙහාන් ඩැනියෙල් ලකුණු 52ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජෝර්ජ් පනායි සහ එඩ් බර්න්ස් කඩුලු 3න බැගින් බිදහෙලුවා.

මේ වනවිට එංගලන්ත ක්‍රීඩකයින් ශ්‍රී ලංකා යොවුන් පළමු ඉනිමට වඩා ලකුණු 75ක් පසුපසින් සිටිනවා.

Comments

comments

SHARE