ශ්‍රී ලංකා දැල් පන්දුවට හෙට තීරණාත්මකයි

86
0

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු ශුරතා දැල් පන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට ආරම්භ වනවා.

පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ වත්මන් ආසියානු දැල් පන්දු ශුරයින් වන සිංගප්පුරු කණ්ඩායම සහ වත්මන් අනුශුරයින් වන ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි.
ශ්‍රී ලංකාව B කාණ්ඩයේ දෙවන ස්ථානය දිනාගත් අතර සිංගප්පුරුව A කාණ්ඩයේ පළමුතැන හිමිකරගත්තා.

කෙසේ නමුත් මූලික වටයේදී ශ්‍රී ලංකාව මැලේසියාව හමුවේ පරාජයවීම කැපිපෙනුනා.
ආසියානු දැල්පන්දු තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ මැලේසියානු කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතරයි.

මැලේසියාව B කාණ්ඩයේ පළමු තැන හිමිකරගත් අතර හොංකොං A කාණ්ඩයේ දෙවන තැන හිමිකර ගත්තා.

Comments

comments

SHARE