පාකිස්තානය සමග තුන්වන ටෙස්ට් තරගයේ පාලනය එංගලන්ත පිතිකරුවන් අතට ගනී

136
0

පාකිස්තාන – එංගලන්තය තුන්වන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත පිතිකරුවන් යම්තාක් දුරට තරගයේ පාලනය සියතට ගෙන තිබුනා.

ඊයේ දෙවන දිනයට තරගය ආරම්භ කරනවිට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තානු පිතිකරුවන් කඩුලු 3ක් දැවී ලකුණු 257ක් ලබාගෙන සිටියා.

ඔවුන්ගේ පළමු ඉනිමට තවත් ලකුණු 143ක් එක්වෙද්දී අවසන් පිතිකරුවන් හත්දෙනා දැවී යාම කැපි පෙනුනා.

පකිස්තානු පසුපෙළ ශක්තිමත් කල නායක මිස්බා උල් හක් ලකුණු 56ක් සහ සෆ්රාස් අහමඩ් ලකුණු 46ක් ලබාගත්තා.

ඔවුන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 400ක්.
ඒ සදහා අසාර් අලී ලකුණු 139කින් සහ සමී අස්ලාම් ලකුණු 82කින් සිය දායකත්වය ලබාදුන්නා.04

පන්දු යැවීමේදී ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු තුන බැගින් දවාගත්තා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 297ක් රැස් කළා. ඔවුන් සිය දෙවන ඉනිම ආරම්භ කලේ පකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 103ක් පසුපසින් සිටිමින්.

දෙවන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාගත් නායක ඇලෙස්ටයාර් කුක් සහ ඇලෙක්ස් හේල්ස් දිනය නිමාවනවිටත් කඩුල්ලේ රැදී සිටියේ එංගලන්ත දෙවන ඉනිමේ ලකුණු පුවරුව 120ක් දක්වා ගෙන එමින්.

කුක් නොදැවී ලකුණු 64යි.
හේල්ස් නොදැවී ලකුණු 50යි.

ඒ අනුව එංගලන්තය පකිස්තානු කණ්ඩායමට වඩා ලකුණු 17ක් ඉදිරියෙන් සිටිනවා.

05 06 07 03 02

Comments

comments

SHARE