එංගලන්තය  සමග සිව්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට

141
0

එංගලන්ත අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග දෙකකින් සමන්විතවූ සිව්දින ක්‍රිකට් තරගාවලිය තරග 1 – 0ක් ලෙස ජයගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත්වුනා.

ඒ දෙවන සිව්දින තරගය කඩුලු 7කින් ජයගනිමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත යෞවනයන් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 208ක් රැස්කළා.

මැක්ස් හෝල්ඩන් ලකුණු 111ක් ලබාගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවුණු ලහිරු කුමාර කඩුලු 7ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා යෞවනයින් සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 307ක්.

නවිදු විතානගේ නොදැවී ලකුණු 80යි.

ජෙහාන් ඩැනියෙල් ලකුණු 52ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී අමර් විද්රි කඩුලු 4ක් සහ මැක්ස් හෝල්ඩර් කඩුලු 3ක් බිඳ හෙලුවා.

දෙවන ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය ලකුණු 192කට සිමා කරගන්නට ශ්‍රී ලංකා පන්දුයවන්නන් කටයුතු කළා.

එහිදී අගනා පන්දු යැවීමක නිරතවුණු ලහිරු කුමාර කඩුලු 4ක් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3ක් බිඳ හෙලුවා.

ඒ අනුව මෙම තරගයෙන් ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා යෞවනයන්ට ලකුණු 94ක ඉලක්කයක් හිමිවුණා.

එම ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී සපුරාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකිවුනා.

නායක චරිත් අසලංක ලකුණු 40යි.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ලහිරු කුමාර.

 

 

Comments

comments

SHARE