අපේ නිහඬ වීරයා ඩිල්රුවන් – මැතිව්ස්

4331
0

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිහඬ වීරයා දඟ පන්දුයවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග ගාලු ක්‍රීඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු මේ බව පැවසුවා.

ඩිල්රුවන් එම තරගයේදී කඩුලු 10ක් දවා ගත්තා.

එමෙන්ම දෙවන ඉනිමේදී අර්ධ ශතකයක්ද වාර්තා කළා.

මේ නිසාම තරගයේ වීරයා ලෙසින්ද ඩිල්රුවන් පෙරේරා සම්මාන ලැබුවා.

Comments

comments

SHARE