ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු අවසන් තරගයට

163
0

ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට අද සමත් වුනා.

ඒ පළමු අවසන් පූර්ව තරගයේදී වත්මන් ශුරයින් වන සිංගප්පුරු කණ්ඩායම පරාජය කරමින්.

තරගය ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිසියම් සැලසුමකට අනුව ක්‍රීඩා කරනු දක්නට ලැබුනා.

ඔවුන් පළමු කාර්තුව අවසන් කලේ ලකුණු 10 – 07ක් ලෙස සිය වාසියට ලියා ගනිමින්.

දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආක්‍රමණශීලි තරග රටාවක් අනුගමනය කළා.

එම කාර්තුවේදී ඔවුන් ලකුණු 11ක් රැස් කළා.

සිංගප්පුරුවට දෙවන කාර්තුවේදී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 07ක් පමණයි.

ඒ අනුව තරගයේ පළමු අර්ධය අවසන්වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 21 – 14ක් ලෙස ඉදිරියෙන් සිටියා.

තුන්වන කාර්තුවේ  පාලනය සියතට ගත් සිංගප්පුරු ක්‍රීඩිකාවන් එම කාර්තුවේදී ලකුණු 08 ක් රැස් කළා.

එම කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 06ක් පමණයි.

අවසන් කාර්තුවේදී කණ්ඩායම් දෙකම සිය අභිමානය වෙනුවෙන් සටන් වැදුනා.

නමුත් එම කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුකර යන්නට සිංගප්පුරුවට හැකිවුණේ නැහැ.

එම කර්තුවත් ලකුණු 09 – 08ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිවුණා.

තරගයේ අවසන් ලකුණු ත්ත්වය 36 – 30ක් ලෙස දැක්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගයේදී මැලේසියාව සමගින් තරග වැදීමට නියමිතයි.

මුලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියාව හමුවේ පරාජය වුනා.

ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE