3වන ටෙස්ට් තරගයේ පාලනය එංගලන්තයට

79
0

පාකිස්තානය සමග එජ්බැස්ටන් හීදී පැවැත්වෙන 3වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම නතු කර ගන්නට එංගලන්තය සමත් වුනා. ඒ 4 වන දිනය අවසන් වන විට ලකුණු 311ක් ඉදිරියට යමින්.

3වන දිනය අවසන් වනවිට දෙවන ඉනිම සඳහා කිසිවෙක්නොදැවී ලකුණු 120ක් ලබා සිටි එංගලන්තය ඊයේ දිනය තුළ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 294ක්.

දිනය ආරම්භ වී ලකුණු 6ක් පමණක් ලකුණු පුවරුවට එක්වූ පසු ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම නැවත ක්‍රීඩා ගාරයට යවන්නට මොහොමඩ් අමීර් සහ සොහේල් ඛාන් සමත් වුනා.

යසීර් ශා ද  කඩුලු 2ක් දවා ගත් අතර  මුළු ලකුණු සංඛ්‍යාව 282ක් වන විට එංගලන්ත කඩුලු 5ක් බිඳ වැටුනා

කෙසේවෙතත් ජොනී බෙයර්ස්ටෝ සහ මොයීන් අලී එක්ව 6 වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 132ක සබඳතාවක් ගොඩ නැගුවා.

මේ අනුව දිනය අවසන් වනවිට එංගලන්තය පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 311ක් ඉදිරියෙන් සිටින්නේ තවත් කඩුලු 5ක් අතැතිවයි.

එංගලන්ත පළමු ඉනිම – 297

පාකිස්තානු පළමු ඉනිම – 400

එංගලන්ත දෙවන ඉනිම – 414/5 – ජොනී බෙයර්ස්ටෝ – 82*. මොයීන් අලී – 60*

 

අද තරගයේ අවසන් දිනයයි.

02 03 04 05

 

Comments

comments

SHARE