Home Cricket මැතිව්ස් දන්නේ නැතිව සූදූ ක්‍රීඩාව ප්‍රවර්ධනයට

මැතිව්ස් දන්නේ නැතිව සූදූ ක්‍රීඩාව ප්‍රවර්ධනයට

තම වීඩියෝවක් ව්‍යාජ ලෙස සංස්කරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්.

ඇන්ජලෝ මැතිව්ස් විසින් සම්මුඛ සාකඡාවකදී කළ ප්‍රකාශයක් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා සංස්කරණය කර යොදාගෙන ඇති බව සඳහන්.

තරග සම්මුඛ සාකච්ඡාව ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවක් ප්‍රවර්ධනය කරන වීඩියෝවකට හඬ කවා යොදාගෙන ඇති බවයි ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙන්නේ.

“මෙය මිනිසුන් රවටා මගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ ද්වේෂසහගත උත්සාහයක්. මෙම වංචාකරුවන් ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ජාලයකින් සංස්කරණය කළ වීඩියෝවක් භාවිත කර තිබෙන්නේ.! කරුණාකර එවැනි ක්‍රියාකාරකම් වාර්තා කර ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් කරන්න. මම මේ ගැන අදාළ බලධාරීන්ට වාර්තා කරනවා,” යනුවෙන් ඔහු සිය සටහන මගින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here