ශ්‍රී ලංකා දැල්පන්දුව යලිත් වරක් දෙවැනි තැනට වැටෙයි

93
0

නොකඩවා 3 වන වරටත් ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

ඒ, අද පැවති අවසන් මහා තරගයේදී මැලේසියාව හමුවේ ලකුණු 41 ට 31 ක් ලෙස පරාජයවීමත් සමඟයි. මේ තරගයේ පළමු අර්ධය අවසන් වනවිටත් මැලේසියා ක්‍රීඩිකාවන් පෙරමුණ ගෙන සිටියේ ලකුණු 17-13ක් ලෙසින්.

කෙසේ වෙතත් දෙවන අර්ධයේ පළමු කාර්තුව අවසන් වනවිට දෙරට අතර ලකුණු වෙනස ලකුණු 6ක් දක්වා වැඩි කරගන්නට සිටියා. අවසන් කාර්තුවේ සම්පූර්ණ පාලනය හිමි වුනේ මැලේසියා ක්‍රීඩිකාවන්ටයි. ඒ ලකුණු 8 ට 12ක් ලෙසින්.

මේ අනුව ලකුණු 41 -31 ක් ලෙස පහසු ජයක් සමග තරගාවලියේ ශූරතාව මැලේසියාවට හිමිවුණා. මැලේසියා කණ්ඩායමක් ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ ජයග්‍රාහිකාවන් බවට පත්වුණේ 1985 වසරෙන් පසුවයි.

ශ්‍රී ලංකාව මීට පෙර අවසන් වරට පැවති ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලි දෙකේදීම පරාජය වුනේ සිංගප්පූරු කණ්ඩායම හමුවේයි.

තායිලන්තයේ බැංකොක් නුවර පැවති මේ තරගාවලියේ 3 වැනි ස්ථානය සිංගප්පූරුවට හිමිවුණා.

Comments

comments

SHARE