තුන්වන ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 141ක දැවැන්ත ජයක්..

120
0

දින 4ක් පුරා දෙපිලටම දෝලනය වෙමින් තිබූ තුන්වන ටෙස්ට් තරගයේ අවසන් දිනය සිය ග්‍රහනයට ගත් එංගලන්ත ක්‍රිඩකයින් එම තරගයෙන් පාකිස්තානට එරෙහිව ලකුනු 141ක දැවැන්ත ජයක් ලබුවා.

මෙම තරගයේ පලමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පලමු ඉනිමට සියල්ලන් දැවී ලකුනු 297ක් රැස් කලා. නායක ඇලෙස්ටයාර් කුක් ලකුණු 45යි.ගැරී බැලන්ස් ලකුණු 70ක් සහ මොයින් අලී ලකුණු 63ක් රැස් කලා. පන්දු යැවීමේදී සොහේල් ඛාන් කඩුලු 5ක් දවා ගත්තා.

පිලිතුරු ලෙස පාකිස්තානය සිය පලමු ඉනිමට ලකුණු 400ක් ලබාගෙන තරගයේ වැඩි වාසි තමන් වෙත නතු කර ගත්තා. එහිදී අසාර් අලී ලකුණු 139කින් සහ සාමි අස්ලාම් ලකුණු 82කින් පාකිස්තානු පලමු ඉනිම සවිමත් කලා.

පන්දු යැවීමෙදී ස්ටුවර්ඩ් බ්‍රෝඩ් සහා ක්‍රිස් වෝක්ස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
දෙවන ඉනිම ක්‍රීඩා කල එංගලන්ත පිතිකරුවන් පාකිස්තානු පන්දු යවන්නන්ට හොදින් පහර දුන්නා.

කඩුලු 6කට ලකුණු 445ක් ලබාගෙන සිටියදී ඉනිම අත් හිටුවීමට එංගලන්ත නායකයා තීරණය කලේ පාකිස්තානට ජයග්‍රහනය සදහා ලකුණු 343ක ඉලක්කයක් ලබා දෙමින්.
එංගලන්ත දෙවන ඉනිමෙදී ඇලෙස්ටයාර් කුක් ලකුණු 66ක් සහ ඇලෙක්ස් හේල්ස් ලකුණු 54ක් ලබා ගත්තා. ඊට අමතරව ජෝ රූට් ලකුණු 62යි.

පසුපෙල සවිමත් කල ජොනතන් බෙයර්ස්ටො ලකුණු 83කින් සහ මොයින් අලී ලකුණු 86කින් එංගලන්තයට සිය දායකත්වය ලබා දුන්නා.
පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් අමීර්,සොහෙල් ඛාන් සහ යසීර් ෂා කඩුලු දෙක බැගින් දවා ගත්තා.

අවසන් මොහොතේ දී තරගය කණපිට පෙරලු එංගලන්ත පන්දු යවන්නන් සිය කන්ඩායමට ලකුණු 141ක ජයක් හිමිකර දුන්නා. ඒ පාකිස්තානු දෙවන ඉනිම ලකුණු 201කට සීමා කරමින.

සාමි අස්ලාම් සටන්කාමී ලකුණු 70ක් රැස්කලත් එය සිය කන්ඩායම පරාජයෙන් ගලවාගන්නට තරම් ඉවහල් වුනේ නැහැ. පන්දු යවීමෙදී ජේම්ස් ඇන්ඩරසන් ,ස්ටුවර්ඩ් බ්‍රෝඩ් ,ක්‍රිස් වෝක්ස් ,ස්ටීවන් ෆින් සහ මොයින් අලී කඩුලු දෙක බැගින් බිද හෙලුවා.
තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ මොයින් අලී.

මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 – 1ක් ලෙස එංගලන්තය පෙරමුණ ගත්තා.

36F7B0D800000578-3728012-image-a-8_1470591087344 36F7CBF300000578-3728012-image-a-9_1470591142523 36F84CF500000578-3728012-Anderson_the_leader_of_England_s_attack_was_back_to_his_brillian-a-6_1470590992162 36F8E1B700000578-3728012-image-a-12_1470591352872 36F8CAED00000578-3728012-England_captain_Alastair_Cook_right_and_James_Anderson_celebrate-m-42_1470588720111

Comments

comments

SHARE