කැරිබියන් T20 ශුරතාව ගේල් ගේ තලවාස් ට….

227
0

සිව්වන වරට පැවති කැරිබියන් T20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ක්‍රිස් ගේල් ගේ නායකත්වයෙන් යුත් ජැමෙයිකා තලවාස් ක්‍රීඩකයින් ඊයේ සමත් වුනා. ඒ අවසන් තරගයේදී ගයානා ඇමේසන් වොරියස් කන්ඩායම කඩුලු 9කින් පරාජය කරමින්.

මෙම තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ගයානා ක්‍රිඩකයින් පන්දුවාර 16යි එක් පන්දුවක් තුල සියල්ලන් දැවී ලකුණු 93ක් රැස් කලා. සොහේල් තන්වීර් ලකුණු 42යි. පන්දු යැවීමේදී ඉමාඩ් වසීම් කඩුලු 3ක් බිද හෙලුවා. ඊට අමතරව සකීබ් අල් හසන් සහ ඕමාරි විලියම්ස් කඩුලු 2ක බැගින් දවා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ජැමෙයිකා ක්‍රීඩකයින් පන්දුවාර 12යි පන්දු 5ක් තුල එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 95ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කල නායක ක්‍රිස් ගේල් පන්දු 27කදී ලකුණු 54ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින්.

කුමාර් සංගක්කාර නොදවී ලකුණු 12ක් සහ චද්වික් වෝල්ටන් නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් ජැමෙයිකා කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ ඉමාඩ් වසීම්.
අන්ඩෘ රසල් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා.

ජැමෙයිකා තලවාස් කන්ඩායම කැරිබියන් T20 ශුරතාවක් දිනා ගත් දෙවන වතාව මෙයයි.

ගයානා වොරියස් කන්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී අනු ශූරතාව දිනා ගෙන තිබීමද විශේශත්වයක්.

Comments

comments

SHARE