මෙරට ක්‍රිඩකයින්ගේ අනාගතය තම රජය භාර ගන්නවා – ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර

152
0

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම සඳහා බ්‍රසීලයේ රියෝ නුවරට ගොස් සිටින ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය සිදු කළා.

රටවල් ගණනාවක් සමග තරඟ කිරීමකදී අපේ ශ්‍රී ලාංකීය ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ තනිවීම කියන හැගීම අපි නැති කල යුතුයි. ඒ සඳහා ඔවුන්ව දිරිමත් කල යුතුයි. ඔවුන් සමග දින කිහිපයක් හෝ රැඳෙමින් ඔවුන්ව මානසිකව දිරිමත් කිරීමටත් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමටත් මම කටයුතු කරනවා. ඔලිම්පික් කියන්නේ ක්‍රීඩකයෙකුට  ලැබෙන උපරිම ස්ථානය. ඔවුන්ට ක්‍රීඩාවේදී ඇතිවුන ගැටළු මෙන්ම සංගම් වලින් පැනනැගුනු ගැටළු සම්බන්ධවත් ඇමතිවරයා විදියට මම  සමග කතා කළා. ලංකාවේදීත් මම ඔවුන් සමග පෞද්ගලිකව කතාකරා . 2020 ඔලිපික් තරඟාවලිය සඳහා   සම්බන්ධවීමටත් ඒ වගේම ආසියානු මලල ක්‍රීඩා උළෙලටත් සහභාගී වීමේදී අපි දක්ෂ ක්‍රීඩකයන් තෝරාගෙන ඒ සඳහා යැවිය යුතුයි. ඒ නිසා ඉදිරියටත් ක්‍රීඩා සංගම් සමග නැවත සාකච්ඡා කරමින් ක්‍රීඩකයන් තෝරාගැනීම ක්‍රමානුකූලව කල යුතුයි. ඔවුන්ට ක්‍රීඩාව එපා නොකරන තැනකට ඔවුන්ව පත්කළ යුතුයි.

මේ වගේ උත්සවයටකට සහභාගී වීමෙන් නොයෙක් අත්දැකීම්  ලබාගැනීමට  හැකිවෙනවා. මේ රටවල් වල තිබෙන පහසුකම් අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නෑ. ඒ පහසුකම් ලබාගෙන දකෂතා වැඩිකරගනීමට නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට අපි ක්‍රියා කල යුතුයි. විශේෂයෙන් පාසල් මලල ක්‍රීඩාවේ ඉඳලා ජාත්‍යන්තරය දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකර ඔවුන්ව ඉදිරියට ගෙන යාමට අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරනවා.

මම ක්‍රීඩා අමාත්‍යවරයා විදියට වැඩ කරන කාලය තුලදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සමග වැඩ කර විශේෂයෙන් ක්‍රීඩා සංගම් දියුණු ක්‍රම වේදයකට සකස් කරන්න කටයුතු කරනවා. විවිධ ක්‍රීඩා සංගම්වල ඉන්න නායකයන්ගේ ගැටළු නිසා ක්‍රීඩකයන්ට නොයෙක් ප්‍රශ්න වෙලා තියනවා. ඒ නිසා කවුරු ආවත් වෙනස් නොවන ශක්තිමත් වැඩ පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කරනවා. ඉදිරි මාස ස කිහිපය තුලදී රටේ ක්‍රීඩකයන්ට ඉදිරියට ඒමට අවශ්‍ය තැන හදලා දෙන්න මම කටයුතු කරනවා. අපි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයින් සමග මෙහිදී සාකච්ඡා කළා. ඔවුන්ටත් 2009 සිට ගැටළු පවතිනවා. ඔවුන් දැඩි ලෙස අපට අනතුරු ඇගෙව්වා අපේ රට තහනම් කිරීමට ලක්ව ඇති රටක් බවට. අවුරුදු 6 තිස්සේ ක්‍රීඩා නියෝග මාලාව ගැන ගැටළු තිබුනා. අපි ඒ සම්බන්ධව එකඟතාවයකට ආවා .ඒ නිසා ඉක්මනින් මේ ක්‍රීඩා කෙටුම්පත් ටික ඉදිරිපත් කරලා ගැටළු නිරාකරණය කරගැනීමට කටයුතු කරනවා.

මේ වන විට කටාර් රාජ්‍යයටත් තරඟ තහනම පනවලා තියනවා. අපි මෙහිදී පොදු රාජ්‍ය මණ්ඩලීය ඇමතිවරුන්ගේ සාකච්ඡාවකට සහභාගී වුනා. අපේ අදහස් යෝජනා මත අපි ප්‍රකාශනයකට එළඹුනා. රටවල් වල ඉන්න ක්‍රීඩකයන්ගේ අනාගතය ගැන වගකීම ඒ රටවල් වල නායකයන් ගත යුතු බවත් එහිදී සාකච්ඡා කරා. ලංකාව ඇතුලෙත් ක්‍රීඩකයෙකුට රක්ෂාවක් දෙන්න අපිට හැකියාවක් තිබුනේ නෑ. ඒ නිසා රජයක් විදියට ඔවුන්ගේ අනාගතය අපි බාරගත යුතුව තිබෙනවා.

Comments

comments

SHARE