චාමරගෙන් ඉහල දස්කමක්…

188
0

කිලෝග්‍රෑම් 73 බර පංතිය නියෝජනය කරමින් චාමර නුවන් ධර්මවර්ධන ඊයේ ජූඩෝ තරග බිමට පිවිසියා.

ඔලිම්පික් තරග ඉතිහාසයේ ජූඩෝ තරග ඉසව්ව සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සුදුසුකම් ලැබූ පළමු වතාව මෙයයි.

ඇමරිකන් – සැමෝවා ක්‍රීඩකයා සමග පැවැති එම තරගය තියුණු සටනකින් අනතුරුව ජයගත් චාමර, එම බර පංතියේ අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලැබුවා.

එම වටයේ ඔහුගේ ප්‍රතිවාදියා වුණේ ජෝර්ජියානු ක්‍රීඩකයෙක්.

2012 ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්වෙන් රන් පදක්කමක් ද දිනාගත් ඔහු හමුවේ චාමර පරාජය වුනා.

අනතුරුව එම ක්‍රීඩකයා මෙවර 73kg ජුඩෝ ඉසව්වේ ලෝකඩ පදක්කමටද හිමිකම් කීවා.

කෙසේ වෙතත් මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වාර්තා වූ ඉහලම ජය මෙයයි.

 

Comments

comments

SHARE