ඔලිම්පික් කමිටු නිලධාරීන්ගේ හෙංචයියන් හොර පාරෙන් රියෝ යයි…

1727
0

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මෙවර අභිරහස් පුහුණුකරුවෙකුද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවී ඇති බව වාර්තා වනවා.

මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, මලල ක්‍රීඩා, පිහිණුම්, බර ඉසිලීම, ජූඩෝ, බැඩ්මින්ටන්, වෙඩි තැබීම යන ඉසව් වලින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 ක් හා පුහුණුකරුවන් 6ක් සහභාගීවන බවට නිළවශයෙන් ප්‍රකාශ කලද පුහුණුකරුවන් වෙනුවෙන් අතිරේක අභිරහස් පුහුණුකරුවෙකුද පස්සෙ දොරින් ඇතුළු වී සිටීයි.

මොහුගේ අවසර පතේ ඇත්තේ (Coach – Trenador (පෘතුගිසි භාෂාවෙන් පුහුණුකරු) ). ඔහූ බොහෝ තැන්වලදී අවසර පතේ විස්තර සඟවාගෙන සිටින බව පෙනීයයි. නමින් දිනේෂ් වීරවංශ වන ඔහු පසුගිය ආණ්ඩු සමයේ, පසුගිය ආණ්ඩුවට ඉතා හිතෛෂීව කටයුතු කරමින්, තම මාධ්‍ය වෘත්තීය නිර්ලජ්ජිත විධියට භාවිත කල බවට චෝදනා එල්ලවූ පුද්ගලයෙකි. ක්‍රීඩා මාධ්‍ය වේදියෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ දිනේෂ් වීරවංශගෙන්, දැන් ක්‍රීඩාවට යහපතක් නොවන බව සපත කරමින්, ලේක්හවුස් ආයතනයේ, සන්ඩේ ඔබ්සවර්, ඩේලි නිව්ස් නම් ඉංග්‍රීසි පුවත්පත්වල ක්‍රීඩා අංශයේ ප්‍රධාන කතෘව සිටි ඔහුව එම ධූරයෙන් ඉවත් කිරීමට ද පාලනාධිකාරිය පියවර ගෙන ඇත. ඔහු දැන් කාර්ය භාරයක් නැති පුද්ගලයෙකු ලෙස ලේක්හවුස් ආයතනයේ සිටියත්, රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවීමට තරම් වත්මන් ධූරයේ සුදුසුකම් ඔහුට තිබේදැයි සැකසහිතය.

පසුගිය වසර 4 ක පමණ කාලයක් තුළ ඔහු කිසිදු දේශීය ක්‍රීඩා තරගයක් වාර්තා කර නැතත්, ඔලිම්පික් කමිටුවට අදාළ සියලුම විදෙස් ක්‍රීඩා උළෙල සඳහා එක් එක් ප්‍රවේශ පත් යටතේ සහභාගීවී ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරය වෙත අභිමානයෙන් ගෙන යෑමට වෙරදරන තම දහඩිය කඳුලු වැය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් සංචාරයකයන් පිරිසක් ලෙස සමච්චලේට ලක්කරන ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ඇතුළු නිළධාරීන් මෙවැනි පුද්ගලයන්ට ඔලිම්පික් වරම් ලබා දීම හාස්‍ය ජනකය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට ලැබෙන වරප්‍රසාද ලබා ගනිමින්, දේශීය ක්‍රීඩාවට කිසිදු වැඩක් නොකරන මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන්, මාධ්‍ය වෘත්තීය ද දැන් හෑල්ලුවට ලක්වෙමින් පවතී. මොහු රියෝ ඔලිම්පික් ගම්මානයට පැමිණි ක්‍රීඩා අමාත්‍යවරයා සමග චායාරූප වලටද පෙනී සිට තිබෙන්නේ කිසිදු ලැජ්ජාවකින් තොරවයි.

තරගාවලියකට පිටත් වීමට පෙර ක්‍රීඩකයන්ට බැණවදිමින් ඔවුන්ගේ මනස අවුල් කරනා ඔලිම්පික් සභාපති වරයා මෙවන් පුද්ගලයන් හොර පාරෙන් ඔලිම්පික් යනතුරු ඇස්, කන් වසාගෙන සිටියේ තම නිරුවත ගන්නා රෙදි කඩින්ද ? යන්න ක්‍රීඩාවට සැබවින්ම ආදරය කරන බොහෝ දෙනාට මතුව ඇති ගැටලුවයි.

13906910_10153794543376918_7128633159230577126_n 13939296_1075384532496828_8162634154917674861_n 13876366_10153794545546918_9128639309994948258_n

13891877_10153792297176918_8269988315120302234_n 13906906_10153794554336918_1123105670705115715_n 13978254_187884608295203_1919562434_o (1) 13988698_187884611628536_2134021350_n

 

Comments

comments

SHARE