රියෝ ටිකට් හොරු බඩුත් සමග කොටුවෙයි…

129
0

රියෝ ඔලිම්පික් උළෙලේ ප්‍රවේශ පත්‍ර නීති විරෝධී ලෙස අලෙවි කිරීමේ ජාවරමක නියෝජිතයන් දෙදෙනෙක් බ්‍රසීල පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ ජාත්‍යන්තර ක්‍රීඩා තරග සදහා පහසුකම් සපයන ආයතනයක් වූ THG Sports ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් සහ භාෂා පරිවර්තකවරියක් ලෙස කටයුතු කරන සේවිකාවක්. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ප්‍රවේශ පත්‍ර අලෙවිය සඳහා බලය ලත් නියෝජිතයන් ලෙස කටයුතු කළ මෙම ආයතනයට මෙවර ප්‍රවේශපත්‍ර අලෙවිය සදහා අවසර හිමි වී නැහැ.

අත්අඩංගුවට ගත් THG Sports ආයතනයේ නිලධාරින් සතුව තිබී රුපියල් කෝටි 135 ක වටිනාකමින් යුත් ප්‍රවේශපත් තොගයක් ද බ්‍රසීල පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

Comments

comments

SHARE