ආසියානු දැල් පන්දු කිරුල ගිලිහී ගියේ තේරීම් කමිටුවේ වරදින් – පුහුණුකාරිනිය

93
0

ජාතික දැල් පන්දු තේරීම් කමිටුව සමබර කණ්ඩායමක් නම් නොකිරීම හේතුවෙන් මෙවර ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගැනීමට තිබූ අනගි අවස්ථාව ගිලිහී ගිය බව ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනි දීප්ති ද අල්විස් මහත්මිය පවසනවා.

තායිලන්තයේ බැංකොක් නුවර දී පසුගියදා නිමාවට පත්වූ 10 වැනි ආසියානු දැල් පන්දු තරගාවලියේ අනුශූරතාව දිනා පෙරේදා යළි ශ්‍රී ලංකාව බලා පැමිණිමෙන් පසුව දීප්ති ද අල්විස් මහත්මිය මේ අදහස් පළ කලා.

deepthi-alwis‘අපිට මැලේසියාව සමග පැවැති අවසන් මහා තරගයේ දී ආදේශ කිරීමට තරම් සුදුසු මට්ටමේ පන්දු විදින්නියන් සිටියේ නෑ. ඒ ස්ථානයේ ක්‍රීඩා කරන දක්ෂතම ක්‍රීඩිකාවන් අතිරේක ක්‍රීඩිකාවන් විදිහටයි තේරීම් කමිටුව නම් කළේ. මේ නිසා දුර්වල මෙන්ම ශාරිරික යෝග්‍යතාව අඩු ක්‍රීඩිකාවන් කිහිපදෙනකු සමග එක්වී ක්‍රීඩා කිරීමටයි සෙසු ක්‍රීඩිකාවන්ට සිදුවුණේ.’ දීප්ති ද අල්විස් මහත්මිය කීවාය.

මෙවර තරගාවලියේ මූලික වටයේ මැලේසියාව සමග පැවැති තරගයේ දී දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම හේතුවෙන් කණ්ඩායමේ උපනායිකාව ලෙස නම් කොට තිබූ ක්‍රීඩිකාව අවසන් තරගයෙන් ඉවත් කිරීමට සිදුවී තිබූ අතර මෙවර කණ්ඩායමට නම් කිරීම හේතුවෙන් මතභේදයට තුඩුදුන් එක්තරා ක්‍රීඩිකාවක් ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම හේතුවෙන් සමස්ත තරගමාලාව පුරාම ක්‍රීඩා කිරීමට ඉඩ ලබා දීමට සිදුවූයේ බෲනායි කණ්ඩායම සමග පැවැති තරගයේ දී මිනිත්තු 4ක පමණ කාලයක් පමණයි.

‘තේරීම් කමිටුව උපක්‍රමශීලිව දස්කම් ඇති ක්‍රීඩිකාවන් ඉවත් කළා. ඒ වගේම ද්වේෂ සහගතව කටයුතු කරමින් ඔවුන් සැලසුම් කළේ පුහුණුකාරිනිය විදිහට මා දුර්වල බව ඇඟවීමටයි. නමුත් වසර ගණනාවකට පසුව ආසියාවේ අංක එකේ කණ්ඩායම වන සිංගප්පූරුව පරාජය කරන්න අපට හැකිවුණා. ඒ වගේම අනුශූරියන් වීම නිසා ලබන 2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමටත් අප සමත්වුණා.’ ඇය කීවාය.

නව තේරිම් කමිටුව විසින් ආරම්භයේ දී කණ්ඩායමට නම් කරනු ලැබූ පසුව පැරැණි තේරීම් කමිටුව විසින් අතිරේක ක්‍රීඩිකාවන් ලෙසට නම් කළ හිටපු නායිකා සේමිනි ද අල්විස් සහ විරාජි චාමරිකා වැනි පළපුරුදු පන්දු විදින්නියන් සිටියේ නම් මෙවර ආසියානු කිරුළ අත්පත් කරගැනීමට වැඩි ඉඩකඩක් තිබූ බව දීප්ති ද අල්විස් මහත්මියගේ අදහසයි.

‘හොඳ ක්‍රීඩිකාවන් 4 ක්ම තේරීම්වල දී කැපුණා. කොහොමවුණත් ලබා දුන් කණ්ඩායම අවසන් මහා තරගය දක්වා රැගෙන යාමට මට හැකිවීම සතුටක්. තේරීම් කමිටුවේ හිටියේ සුදුසුකම් නැති පිරිසක්. අපට මෙවර ආසියානු දැල් පන්දු singapore-sri-lankaකිරුළ දිනාගැනීමේ අවස්ථාව ගිලිහී යාමේ වගකීම ඔවුන් බාරගත යුතුයි. මේ සංචාරයට පිටත්වන අවසන් මොහොත දක්වාම මට විවිධ කෙනෙහෙලි කම් සිදුවුණා. ඒ සියලු අභියෝග මැදයි මේ ජයග්‍රහණය ලබාගැනීමට ක්‍රීඩිකාවන් මෙහෙයවීමේ කාර්යයට මා උරදුන්නේ. මම බොහෝවිට නැවත පුහුණුකාරිනිය ලෙස කටයුතු නොකරන්න ඉඩ තිබෙනවා. ඒත් මේ ලැබූ ජයග්‍රහණය මට විශාල ආඩම්බරයක්. අපි කණ්ඩායමක් විදිහට එකට සිටියා. ඒ ගැන මම කණ්ඩායමේ කළමනාකාරිනිය ඇතුළු ක්‍රීඩිකාවන්ට ස්තූතිය පුද කරනවා.’ දීප්ති ද අල්විස් මහත්මිය වැඩි දුරටත් පැවසුවා.

Comments

comments

SHARE