චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරයි

611
0

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය වේගපන්දු යවන්නෙකු මෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවකුද වන චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ වාස් සැප්තැම්බර් 1 වැනිදා සිට නව තනතුරේ වැඩ භාර ගන්නා බවයි.

ලබන මස මුල සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් එක්වන චමින්ද වාස්ගේ මූලික කාර්ය භාරය වන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමේ සිට විවිධ වයස් කාණ්ඩ වල ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම සඳහා සූදානම් කිරීමයි.

මේ අතර අද උදෑසන දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතස් ශ්‍රී ලංකා ක්‍රිකට් නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තා. පෝතස් හැම්ප්ශයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන අතර කඩුලු රකින්නකු ලෙසද කටයුතු කර තිබෙනවා.

SHARE