රියෝ හිදී මාධ්‍යවේදීන්ට වෙඩි

466
0

රියෝ ඔලිම්පික් උළෙලේ තරග ආවරණය කරන මාධ්‍යවේදීන් රැගෙන යමින් තිබූ බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ බ්‍රසීලයේ අපරාධ බහුලව සිදුවන ප්‍රදේශයක් වන ඩියෝදොරෝ හිදී.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 12දෙනෙකු ගමන් කර තිබෙනවා. ඉන් සිව් දෙනෙකු බ්‍රසීල ජාතිකයින් වන අතර ඉතිරි අට දෙනා විදේශිකයින්.

මෙම ප්‍රහාරයෙන් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

SHARE