සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගාවලි ජය කිවියන්ට

161
0

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගන්නට නවසිලන්ත කණ්ඩායම සමත්වුනා. ඒ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 254කින් ජය ගනිමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 4ක් දැවී ලකුණු 582ක් ලබාගෙන ඉනිම අත් හිටුවීමට තීරණය කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 362ක්.

දෙවන ඉනිමට නවසීලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 166ක් ලබාගෙන ජයග්‍රහණය සදහා සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 387ක අසීරු ඉලක්කයක් ලබා දුන්නා. නමුත් ඔවුන්ට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 132ක් පමණයි.
තරගයේ වීරයා ලෙසින් කේන් විලියම්සන් සම්මාන ලැබුවා.
තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ නීල් වැග්නර්.

01 03 04

Zimbabwe's batsman Chamunorwa Chibhabha competes during the fourth day of the second test in a series of two matches between New Zealand and host Zimbabwe on August 9 2016 at the Queens Sports Club in Bulawayo. / AFP PHOTO / JEKESAI NJIKIZANA
Zimbabwe’s batsman Chamunorwa Chibhabha competes during the fourth day of the second test in a series of two matches between New Zealand and host Zimbabwe on August 9 2016 at the Queens Sports Club in Bulawayo. / AFP PHOTO / JEKESAI NJIKIZANA

Comments

comments

SHARE