කොදෙව් – ඉන්දියා තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනය දෙපිලටම හොඳයි

219
0
Miguel Cummins of West Indies celebrates taking 3 India wickets for 54 runs during day 2 of the 3rd Test between West Indies and India on August 10, 2016 at Darren Sammy National Cricket Stadium Gros Islet, St. Lucia. / AFP PHOTO / Randy BROOKS

කොදෙව් – ඉන්දියා තුන්වන ටෙස්ට් තරගයේ දෙවන දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 234ක් ලබාගෙන සිටියා.

Wriddhiman Saha of India celebrates his century during day 2 of the 3rd Test between West Indies and India on August 10, 2016 at Darren Sammy National Cricket Stadium Gros Islet, St. Lucia. / AFP / Randy BROOKS        (Photo credit should read RANDY BROOKS/AFP/Getty Images)
Wriddhiman Saha of India celebrates his century during day 2 of the 3rd Test between West Indies and India on August 10, 2016 at Darren Sammy National Cricket Stadium Gros Islet, St. Lucia. / AFP / Randy BROOKS (Photo credit should read RANDY BROOKS/AFP/Getty Images)

නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේ රවිචන්ද්‍රන් අෂ්වින් සහ ව්රිද්හිමන් සහා. ඔවුන් දෙදෙනා තව දුරටත් ඉන්දීය ඉනිම ගොඩ නැගුවේ 6වන කඩුල්ලට ලකුණු 213ක සබදතාවක් ගොඩනගමින්. එහිදී අෂ්වින් සිය සිව්වන ටෙස්ට් ශතකය වාර්තා කළා.

සිය මංගල ටෙස්ට් ශතකය කොදෙව්වන්ට එරෙහිව වාර්තා කල ව්රිද්හිමන් සහා ලකුණු 104ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනාගේ සටන්කාමි පිතිහරඹය නිසා ඉන්දියාව සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 353ක් රැස් කළා. පන්දු යැවීමේදී ජෝසප් සහ කමින්ග්ස් කඩුලු 3බැගින් දවා ගත්තා.

දෙවන දිනයට තරගය නතර කරනවිට කොදෙව්වන් ඉන්දීය පළමු ඉනිමට හොඳ පිළිතුරක් ලබා දුන්නේ සිය පළමු ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 107ක් ලබා ගෙනයි. ක්‍රේග් බ්‍රාත්වයිට් නොදැවී ලකුණු 53යි.

ඒ අනුව කොදෙව්වන් , ඉන්දියා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 246ක් පසුපසින් සිටින්නේ කඩුලු 9ක් අතැතිවයි.

 

05

India's Ravichandran Ashwin plays a shot from the bowling of West Indies' Roston Chase during day one of their third cricket Test match at the Daren Sammy Cricket Ground in Gros Islet, St. Lucia, Tuesday, Aug. 9, 2016. (AP Photo/Ricardo Mazalan)
India’s Ravichandran Ashwin plays a shot from the bowling of West Indies’ Roston Chase during day one of their third cricket Test match at the Daren Sammy Cricket Ground in Gros Islet, St. Lucia, Tuesday, Aug. 9, 2016. (AP Photo/Ricardo Mazalan)

04 03 02

Comments

comments

SHARE