පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ එංගලන්තය දණ ගස්සවයි

1038
0

එංගලන්ත වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 108කින් ජය ගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50තුල කඩුලු 7ක් දැවී ලකුණු 257ක් රැස් කළා.

නායක චරිත් අසලංක ලකුණු 70ක් සහ සම්මු අශාන් ලකුණු 60ක් වාර්තා කළා. පන්දු යැවීමේදී බර්නාඩ් සහ ග්‍රීන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත යෞවනයන්ට පන්දු වාර 40යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 149ක් පමණයි. නායක මැක්ස් හෝල්ඩන් ලකුණු 40ක් සහ සෙන් මලික් ලකුණු 32ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී දමිත සිල්වා කඩුලු 3ක් දවා ගත්තා.

ඊට අමතරව තිලාන් ප්‍රසාන් ,චරිත් අසලංක සහ වනිදු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙලුවා.

Comments

comments

SHARE