නිලූක පලමු තරගය පරදියි

530
0

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න අද රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසියා.

මුලික වටයේදී ඔහුගේ ප්‍රතිවාදියා වුනේ ජගත් බැඩ්මින්ටන් වර්ගීකරණයේ අංක දෙකේ පසුවන චීනයේ ලොංග් චෙන්.

එම තරගය වට 2 – 0ක් ලෙස පරාජය වන්නට නිලූකට සිදුවුනා.

විනාඩි 19ක් පුරා පැවති පළමු වටය චෙන් ජයගත්තේ ලකුණු 21 – 07ක් ලෙසින්.

දෙවන තරග වටය විනාඩි 21ක් පුරා පැවැත්වුනා.

එම වටයද ලකුණු 21 – 10ක් ලෙස පහසුවෙන් ජයගත් ලොංග් චෙන් ඊලග වටය සදහා සුදුසුකම් ලැබුවා.

Comments

comments

SHARE