අබාධිත පැරා නිලධාරින් රටේ බලාපොරොත්තුවක් උදුරා ගනී..

2409
0

2012 ලන්ඩන් පැරාලිම්පික් තරගාවලියේ මීටර් 400 ටී- 46 එක් අතක් අප්‍රාණික 2012+London+Paralympics+Day+7+Athletics+BcHwvIWtqEJl [83760]පිරිමි ධාවන ඉසව්ව නියෝජනය කරමින් පළමුවරට ශ්‍රී ලංකාවට පැරාලිම්පික් පදක්කමක් දිනා දුන් ප්‍රදීප් සංජය මෙවර බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ද්වේෂ සහගතව කපා දමා තිබෙනවා.

එම තරගය තත්පර 49.28කින් අවසන් කර ලෝකඩ පදක්කම දිනාගත් ප්‍රදිප් සංජයට මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණපෑමට සිදුවී ඇත්තේ ඔහුගේ පුහුණුකරු සමග ශ්‍රී ලංකා ආබාධිතවූවන්ගේ මලල ක්‍රීඩා සංගමයේ නිලධාරින් පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීම බව සදහන්.

ප්‍රදීප් සංජය මෙරට පැරාලිම්පික් ඉතිහාසයේ බිහිවූ අංක එකේ ක්‍රීඩකයා බව නොරහසක්. එවන් තත්ත්වක් තුල පැරා බලධාරීන් ඔහුව සන්ච්තයෙන් ඉවත් කිරීම පුදුමයට කරුණක්.

පසුගිය වසරේ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැති ඒෂියා ඕෂියා ආබාධිතවූවන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 සහාය දිවීමේ තරගයෙන් ජයගෙන ලෝක ශ්‍රේණිගත කිරිම්වල 6 වැනි කණ්ඩායම බවට පත්විමට ශ්‍රි ලංකාව සමත් වුනා.

එම කණ්ඩායම ද නියෝජනය කළ ප්‍රදීප් සංජය පසුගිය මස දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තේරීම් තරගයේ දී ද ජය වාර්තා කලා.

එහෙත් රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා නම් කිරිමේ දී ප්‍රදීප් සංජය ඉන් කපා දැමීමට බලධාරීන් කටයුතු කොට ඇත්තේ ඔහු මීටර් 400 තරග ඉසව්වෙන් ජාත්‍යන්තර තලයේ නොමැති බව පවසමින්.  නමුත් ප්‍රදීපගේ දස්කම් අනුව ඔහුට මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 තරග ඉසව්ව නියෝජනය කිරීමට තරම් ඔහු සුදුසුකම් සපුරා තිබීම මෙරට පැරා බලධාරීන්ට නොපෙනීම විමතියට කරුණක්.

සුදුසුකම් ප්‍රමාණවත් අයුරින් සපුරා ඇති ප්‍රදීප් සංජය මේ අසාධාරණයට ලක්වී ඇත්තේ ඔහුගේ පුහුණුකරුගෙන් පලිගැනීමේ චේතනාවෙන් බව සදහන්. එම පුහුණුකරුගෙන් පුහුණුව ලත් ක්‍රීඩකයකු දැනටමත් පැරාලිම්පික් කණ්ඩායමට ඇතුළත්වී සිටින අතර ප්‍රදීප් සංජය ද ඇතුළත් කරන්නේ නම් ක්‍රීඩකයන් දෙදෙනකුගේ පුහුණුකරු ලෙස ඔහුට මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරිමේ අවස්ථාව ලබාදීමට බලධාරින්ට සිදුවනු ඇත.

ඒ තත්ත්වය මග හරවාලමින් ක්‍රීඩකයන් 7 දෙනා සම්පූර්ණ කිරිම සඳහා ශ්‍රි ලංකාවට කිසිසේත්ම බලාපොරොත්තු තබා ගත නොහැකි හෙල්ල වීසි කිරීමේ තරග ඉසව්වට ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් කිරීමට පැරා බලධාරීන්  උපක්‍රමශීලීව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රි ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම තව කල්ප කාලාන්තරයකට සිහිනයක් පමනක්ව ඇති මෙවන් යුගයක අවම වශයෙන් දිනා ගත හැකි පැරාලිම්පික් පදක්කමක් හෝ රටට උරුම කරදීම වලක්වාලන මෙවන් තකතීරු නිලධාරින් සිටින රටක ක්‍රිඩාවේ හෙට දවස ගැන කවර නම් කතාවක්ද?

Comments

comments

SHARE