බර ඉසිලීමේ ක්‍රිඩක සුදේශ් පීරිස් රියෝ පරාජයට හේතු කියයි..

473
0

මෙවර රියෝ ඔලිම්පික් උලෙළේ කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් බර එසැවීමේ තරගයට එක්වූ සුදේශ් පීරිස් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 120 බරක් එසවීමට ගිය අවස්ථා තුනේදීම අසාර්ථක වුනා.

එම නිසා ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුනේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින්. සුදේශ් මේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවද්දී කිලෝග්‍රෑම් 123ක බරක් ඔසවා තිබුණද අවම වශයෙන් එම දක්ෂතාව හෝ දක්වන්නට ඔහුට හැකිවුනේ නැහැ.
තරගයෙන් අනතුරුව සුදේශ් පැවැසූවේ පාදයේ මස්පිඩු ආබාධයක් හදිසියේම ඇතිවීම තරගයට බාධා ගෙන දුන් බවයි.

“පුහුණුවීම්වලදී මගේ දකුණු කකුලේ ආබාධයක් ඇතිවුණා. මට ඒ වේලාවේ සිට ඔසවන කොට ඒක දැනුණා. මම පටන් ගත්තේ කිලෝග්‍රෑම් 120කින්. නමුත් මට තිබුණා අඩු බරකින් පටන් ගන්න. ඒක මගේ වරදක්. ඒ වුණත් මේ වගේ තරගයකදි එහෙම අඩු බරක් ඔසවා පටන් ගන්න එකත් තේරුමක් නෑ. තරගකාරීත්වය වැඩියි. දැන් ඉතින් උන දේ උනා. ඉදිරි මාස කිහිපයේදී ජපානයට ගොස් පුහුණුවීම් නැවැත ආරම්භ කරනවා” සුදේශ් පීරිස් පැවැසීය.

සුදේශ් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත් ක්‍රීඩකයායි.

19th+Commonwealth+Games+Day+2+Weightlifting+50o0aCbVRyxl [84978] 104787064 [84979]

 

Comments

comments

SHARE