මොයින් අලී එංගලන්තය ගොඩගනී

180
0

එංගලන්තය සහ පකිස්තානය අතර සිව්වන ටෙස්ට් තරගය ඊයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුනා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
නමුත් එම තීරණය යහපත් එකක් වුනේ නැහැ. ඒ මුළු ලකුණු සංඛ්‍යාව 110ක් වෙද්දී ඔවුන්ගේ කඩුලු 5ක් බිඳ වැටීම නිසයි.
නමුත් සිය වගකීම මැනවින් ඉටුකළ මොයින් අලී එංගලන්ත පළමු ඉනිම ගෞරවාන්විත තත්වයක් කරා ඔසවා තැබුවා. ඔහු හයවන කඩුල්ලට ජොනි බෙයාර්ස්ටෝ සමගින් එක්ව ලකුණු 93ක සබදතාවක් ගොඩ නැගුවා.

බෙයාර්ස්ටෝ ලකුණු 55කට දැවියාමත් සමග අලී සමගින් පිටියේ එක්වුණේ ක්‍රිස් වෝක්ස්. ඔවුන් දෙදෙනා 7වන කඩුල්ලට ලකුණු 73ක් එක් කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල මොයින් අලී සිය තුන්වන ටෙස්ට් ශතකය ලෙසින් ලකුණු 108ක් ලබා ගත්තා. වෝක්ස් ලකුණු 45යි. එංගලන්තය සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 328ක් රැස් කළා.

පන්දු යැවීමේදී සොහෙල් ඛාන් කඩුලු 5ක් සහ වහාබ් රියාස් කඩුලු 3ක් බිඳ හෙලුවා.
පළමු දිනය නිමා වනවිට පකිස්තානය සිය පළමු ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 3ක් ලබාගෙන සිටියා.

07 08 09 03 02

LONDON, ENGLAND - AUGUST 11:  Moeen Ali of England bats during day one of the 4th Investec Test between England and Pakistan at The Kia Oval on August 11, 2016 in London, England.  (Photo by Gareth Copley/Getty Images)
LONDON, ENGLAND – AUGUST 11: Moeen Ali of England bats during day one of the 4th Investec Test between England and Pakistan at The Kia Oval on August 11, 2016 in London, England. (Photo by Gareth Copley/Getty Images)

05 10 06

 

Comments

comments

SHARE