චම්පක රාමනායකත් බංග්ලාදේශයට…?

317
0

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන චම්පක රාමනායක ලබන සැප්තැම්බර් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණු තනතුර භාර ගැනීමට නියමිතව තිබෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඔහු මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ලබන අතර මේ දිනවල ක්‍රියාත්මක ඔස්‌ට්‍රෙලියානු  කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවසන් වූ පසු එම ධුරයෙන් ඉල්ලා අස්‌වී නව තනතුර සඳහා පිටත්ව යැමට නියමිතයි.

චම්පක රාමනායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය අතර පවතින කොන්ත්‍රාත්තුව ලබන 2017 වසරේ ජූලි මස දක්‌වා ක්‍රියාත්මකව පවතින නමුත්  වේග පන්දු පුහුනුකරු ධුරයෙන් ඉල්ලා අස්‌වීමේ අයිතිය රාමනායක මහතාගේ අභිමතය පරිදි ගත හැකි නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමග වන කොන්ත්‍රාත්තුව ගැටලුවක්‌ වන්නේ නැහැ.

කාලයක්‌ තිස්‌සේම බංග්ලාදේශ කණ්‌ඩායම වේග පන්දු පුහුණුකරුවකුගේ සේවය සොයමින් සිටි අතර එහිදී ඔවුන් පුහුණුකරුවන් කිහිප දෙනෙකු පිළිබඳවම අවධානය යොමු කලා.
ඒ සම්බන්දයෙන් අදහස්‌ දක්‌වා සිටින බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතන සභාපති නස්‌මුල් හසන් සඳහන් කරන්නේ, අදාළ තනතුරට පැමිණෙන පුහුණුකරු මේ වන විට තවත් රටක්‌ සමග කටයුතු කරන බැවින් ඔහු කවුරුන්ද යන්න හෙළි කිරීම සිදු කළ නොහැකි බවයි.

”හොඳ පුවත තමයි අපේ වේග පන්දු පුහුණුකරු තෝරන එක ඉවර වෙච්ච එක. අපි දන්නවා කවුද දැන් අපි ගන්න ඕන කියලා. නමුත් අවාසනාවකට අපිට ඒ නම හෙළි කරන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. ඔහු තවත් රටක්‌ සමඟ වැඩ කරන නිසයි ඔහුගේ නම හෙළි කරන්න බැරි. අපි බලාපොරොත්තු වෙනවා මේ මාස අන්තිමට ඔහු ඩකා නුවරට ඒවි කියලා. ඔහුගේ කොන්ත්‍රාත්තුව ඉවර වෙච්චි ගමන් අපි ඔහුගේ නම ප්‍රසිද්ධ කරනවා”යි හසන් වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ වේගපන්දු පුහුණු උපදේශක තනතුර සඳහා හිටපු වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්‌ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පසුගියදා තීරණය කලා. එහෙත් වාස්‌ගේ සේවය ශ්‍රී ලංකා පිලට නොව මුලු පුහුණු පද්ධතියටම වලංගු වන අතර, රාමනායක කරමින් සිටින කටයුත්තට වාස්ගේ පත්කිරීම කිසි සේත්ම බාධාවක්‌ නොවනු ඇති.
චම්පක රාමනායක මීට පෙර 2009 වසරේදීද බංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කලා.

476507310 PHOTO-04 97276

Comments

comments

SHARE