21ක් හැවිරිදි කොලු ගැටකුට පිහිනුම් ලොවේ රජු පැරදුණු හැටි

404
0

පිහිනුම් ලොවේ රජු ලෙස සැලකෙන ඇමෙරිකාවේ මයිකල් පෙල්ප්ස් ඊයේ සිය ප්‍රියතම පිහිනුම් තරග ඉසව්වේදී පරාජය වුනා. ඒ 21ක් හැවිරිදි සිංගප්පුරුවේ ජෝසප් ස්කෝලින් හමුවේ.

පෙල්ප්ස් ඊයේ රියෝ පිහිනුම් තරග බිමට පිවිසියේ සිය 23වන ඔලිම්පික් රන් පදක්කම සිය පදක්කම් මල්ලට එක් කරගැනීමේ අදහස ඇතිවයි. 100m සමනල ආර තරග ඉසව්වේ ලෝක වාර්තාවටද හිමිකම් කියන පෙල්ප්ස්ට එය අපහසු නොවනු ඇතැයි බොහෝදෙනා විශ්වාසය පලකලා.

නමුත් තරගය අතරතුරදී සිදුවුනේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දෙයක්.

පෙල්ප්ස් පසුපසින් පැමිණි ජෝසප් කොලින් අවසන් මොහොතේ ඔලිම්පික් දිය කිදුරා පරයා ගියේ මෙතෙක් රියෝ ඔලිම්පික් පිහිනුම් තරගබිමේ පෙල්ප්ස් සතුව තිබු අභිමානයේ කිරුල තම හිස මත දරා ගනිමින්.

ජෝසප් ඉසව්ව අවසන් කිරීමට ගතකල තත්පර 50.39ක කාලය නව ඔලිම්පික් වාර්තාවක්ද වුනා. විශේෂත්වය වන්නේ ජෝසප් ස්කෝලින්ගේ ප්‍රියතම පිහිනුම් ක්‍රීඩකයා මයිකල් පෙල්ප්ස් වීමයි.

01එමෙන්ම 2008 වසරේදී පෙල්ප්ස් සිගප්පුරුවට පැමිණි අවස්ථාවේ ඔහු සමග චායාරුපයකට පෙනී සිටීමටද ජෝසප්ට හැකි වුනා. ඊයේ දිනයේ ජෝසප් ස්කොලින්ග් දිනා ගත් මෙම රන් පදක්කම සිංගප්පුරු ක්‍රීඩකයෙක් ඔලිම්පික් තරගාවලියකදී දිනාගත් පළමු රන් පදක්කමයි.

මෙම තරග පරාජයෙන් පසු මයිකල් පෙල්ප්ස් පැවසුවේ රියෝ ඔලිම්පික් උළෙලින් පසු තමන් පිහිනුම් තරගබිමෙන් සමුගන්නා බවයි.

06 05 04 03 02

 

Comments

comments

SHARE