ධනංජය සහ චන්දිමාල් ශ්‍රී ලංකාව ගොඩ ගනී

7990
0

ශ්‍රී ලංකාව සහ ඕස්ටේලියාව අතර තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භාවුනා කොළඹ එස්.එස්.සි.ක්‍රීඩාංගනදී.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළා. නමුත් එම තීරණය යහපත් එකක් නොවුයේ මුළු ලකුණු සංඛ්‍යාව 26ක් වෙද්දී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් 5දෙනෙකු ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටීම නිසයි.

දිගින් දිගටම අසාර්ථක වුවත් මෙම තරගයේදීත් අවස්තාවක් ලද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය මෙම ඉනිමේදීත් සිය වගකීම තේරුම් ගත්තේ නැහැ. කෞෂාල් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වෙද්දී දිමුත් පන්දු 34කට මුහුණදී ලකුණු 7ක් පමණක් රස කළා. ඔවුන් දෙදෙනාම දැවී ගියේ මිචෙල් ස්ටාර්ක්ගේ පන්දු හමුවේ.

කුසල් ජනිත් ලකුණු 16කට දැවී ගියා. නායක මැතිව්ස් එක් ලකුණකට පිටියෙන් ඉවත්කළ ස්ටාර්ක් ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතු අභියෝගයක් එල්ල කළා. කුසල් මෙන්ඩිස්ට අද ලබා ගැනීමට හැකිවුණේ එක් ලකුණක් පමණයි.

දරුණු අවමානයකට මුහුණදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ගලවා ගැනීමේ සටන ආරම්භ වුනේ ඉන් අනතුරුවයි. 6වන කඩුල්ල සදහා පිටියේ එක්වුණු ධනංජය ද සිල්වා සහ උප නායක දිනේෂ් චන්දිමාල් සෙමෙන් සෙමෙන් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුවා. විශිෂ්ට ගනයේ ඉනිමක් ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා අද සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා.

දිනය අවසන් වනවිට ඔහු නොදැවී ලකුණු 116ක් ලබාගෙන සිටියා. දිනෙෂ් චන්දිමාල් සටන්කාමි ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 64ක් ලගාගෙන සිටියා. ඔවුන් දෙදෙනා 6වන කඩුල්ලට ලකුණු 188ක සබදතාවක් ගොඩනගා තිබෙනවා.

දිනය නිමාවනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සදහා කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබාගෙන සිටියා. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් සහ නේදන් ලයන් කඩුලු 2ක් බිද හෙලුවා.

Comments

comments

SHARE