ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි පිටියේ රජ වෙයි

852
0

ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශුරතාව දිනාගන්නට ශ්‍රී ලංකාව අද සමත් වුනා.

ඒ හොංකොං හිදී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ අනු ශුරතාව දිනා ගනිමින්.

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36 – 10ක් ලෙස හොංකොං කණ්ඩායම හමුවේ පරජයවුනා.

නමුත් ඔවුන් මැලේසියාවේදී පැවති ආසියානු වයස අවුරුදු 20න් පහල සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ ශුරතාව දිනා ගත්තා.

මේ නිසයි ඔවුන්ට සමස්ත ශුරතාව හිමිවුණේ.

ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියක සමස්ත ශුරතාවක් දිනාගත් පළමු වතාව මෙයයි.

Comments

comments

SHARE