ඉන්දියාව තරගාවලිය ජය ගනී

173
0

බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගන්නට ඉන්දියාව සමත් වුනා. ඒ තුන් වන ටෙස්ට් තරගය ලකුණු 237කින් ජය ගනිමින්.

ග්‍රොස් අයිල් හී පැවති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියානුවන් පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 353ක් රැස් කළා. රවිචන්ද්‍රන් අශ්වින් සහ රිද්ධිමාන් සහා ශතක ලබා ගන්නට සමත් වුනා.

පිළිතුරු ලෙස කොදෙව්වන්ට පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 225ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ බුවනේශ්වර් කුමාර් කඩුලු 5ක් දවා ගත්තා.

තරගයේ 3වන දිනය වැස්සට හේදී ගියත් දෙවන ඉනිමේදී වේගවත් පිතිහරඹයක යෙදෙමින් කොදෙව්වන්ට ලකුණු 346ක ඉලක්කයක් ලබා දෙන්නට ඉන්දියාව සමත් වුනා. ඔවුන් දෙවන් ඉනිම අත්හිටුවීමට තීරණය කලේ කඩුලු 7කට ලකුණු 217ක් ලබා සිටියදීයි.

අනතුරුව කොදෙව් දෙවන ඉනිම ලකුණු 108කට සීමා කරමින් තරගාවලියේ දෙවන ටෙස්ට් ජයත් වාර්තා කරන්නට ඉන්දියාව සමත් වුනා. මේ ඉනිමේ දී සියලු ඉන්දීය පන්දු යවන්නන් කඩුලු ලබා ගැනීම විශේෂත්වයක්.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ රවිචන්ද්‍රන් අශ්වින්.

05 04 03 02

Rohit Sharma (L) and Ajinkya Rahane (R) of India 85 run partnership during day 4 of the 3rd Test between West Indies and India at Darren Sammy National Cricket Stadium Gros Islet, St. Lucia. / AFP / Randy BROOKS (Photo credit should read RANDY BROOKS/AFP/Getty Images)

Comments

comments

SHARE