සිව්වන ටෙස්ට් තරගයේ පාලනය පාකිස්තානයට

159
0

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එංගලන්ත – පාකිස්තානු 4වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිම වන විට තවත් ජයග්‍රහනයක බලාපොරොත්තු දල්වා ගන්නට පාකිස්තානුවන් සමත් වුනේ යුනිස් ඛාන්ගේ 6වන ද්විත්ව ශතකයේ සවිය පදනම් කර ගනිමින්.

3වන දිනයට තරගය අරඹන විට පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 360 ක් ලබා සිටියේ කඩුලු 4ක් පමණක් අතැතිවයි.

කෙසේවෙතත් තම ඉනිමට තවත් ලකුණු 182ක් එක් කරගන්නට ඔවුන් සමත් වුනා.

ඉන් ලකුණු 117ක්ම හිමි වුනේ යුනිස් ඛාන්ටයි.

යුනිස් ඊයේ තම 6වන ද්විත්ව ශතකය වාර්තා කරමින් වැඩිම ද්විත්ව ශතක ලාභී පාකිස්තානුවන්ගේ ලයිස්තුවේ ජාවෙඩ් මියන්ඩාඩ් සමග සමතැන් ගන්නට සමත් වුනා.

ඔහු දැවී ගියේ ලකුණු 218කටයි.

මේ අනුව පාකිස්තානු පළමු ඉනිම ලකුණු 542කට අවසන් වුනා.

ලකුණු 214ක් පසුපසින් දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමට නිදහසේ පන්දුවට පහරදීමට ඉඩ නොලැබුණේ යසීර් ෂා ගේ ආක්‍රමණය හේතුවෙන්.

ඔහු කඩුලු 3ක් දවාගනිමින් එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් අසරණ කරන්නට සමත් වුනා.

දිනය නිමා වනවිට එංගලන්ත දෙවන ඉනිම සටහන් වුණේ කඩුලු 4කට ලකුණු 88ක් ලෙසින්.

මේ අනුව එංගලන්තය පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 126ක් පසුපසින් සිටින්නේ තවත් කඩුලු 6ක් පමණක් අතැතිවයි.

05 04 03 02 01

Comments

comments

SHARE