ෂෙලී පැරදුනත් කාන්තා මීටර් 100 ජය ජැමෙයිකාවට

428
0

කාන්තා මීටර් 100 ඉසව්වේ අවසන් තරගය ඊයේ ඔලිම්පික් තරග බිමේ වඩාත්ම අවධානය යොමුවූ ඉසව්වයි.
හිටපු ඔලිම්පික් ශූරිය වන ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රේසර් හට මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත් වන්නට සිදුවුණා. නමුත් එම ඉසව්වේ ජැමෙයිකා ආධිපත්‍ය බිඳ දමන්නට ඇමරිකාව හෝ වෙනත් රටක් සමත් වුනේ නැහැ.

ජැමෙයිකාවේ ම එලීන් තොම්සන් මෙවර ඔලිම්පික් උළෙලේ වේගවත්ම කාන්තාව බවට පත් වුනේ තත්ත්පර 10.71ක දස්කමක් සමගින් කාන්තා මීටර් 100 රන් පදක්කම දිනා ගැනීමත් සමගයි.
එම ඉසව්වේ රිදී පදක්කම ඇමරිකාවේ ටෝරි බෝවිට හිමි වුනා.

Comments

comments

SHARE