ශ්‍රී ලංකා යෞවනයන් එංගලන්තය මවිත කරයි…

1600
0

එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුනා. ඒ දෙරට අතර දෙවන තරගය එක් කඩුල්ලකින් ජයගනිමින්.

චෙම්ස්ෆීල්ඩ් හී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා..

ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 315ක්. ජෝජ් හෝකින්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ ලකුණු 98ක් සමගින්. ටොම් මුවර්ස්ලකුණු 70ක් ද, ජෝජ් බාට්ලට් ලකුණු 85ක් ද රැස්කළා. ලහිරු කුමාර කඩුලු 4ක් දවා ගනිද්දී, ජෙහාන් ඩැනියල් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

ඉතා අසීරු ඉලක්කයක් ලෙස දිස්වූ ලකුණු 316 ඉලක්කය හඹා යාමට අගනා ආරම්භයක් ලබා දුන්නේ අවිශ්ක ප්‍රනාන්දු සහ ඩිලාන් ජයලත් දෙපලයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 52කදී ලකුණු 67ක් එක් කළා..

අවිශ්ක ලකුණු 117ක් ලබා ගත්තේ පන්දු 96ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිම හතරේ පහර 15කින් සහ හයේ පහරකින් වර්ණවත් වුණා. අවිශ්ක දුවද්දී දැවීයාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම යම් කඩා වැටීමකට ලක් වුනා. නමුත් සම්මු අශාන් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියේ නොදැවී ලකුණු 77ක් ලබා ගනිමින්.

පන්දුවාර 49.1ක් තුළ කදුළු 9ක් දැවී ලකුණු 318ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තා.

එංගලන්ත වයස අවුරුදු 19න් පහල කණ්ඩායම – 315/8 (50) : ජෝජ් හෝකින්ස් – 98, ජෝජ් බාට්ලට් – 85, ටොම් මුවර්ස් – 70, ලහිරු කුමාර – 4/56 ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම – 318/9 (49.1) : අවිශ්ක ප්‍රනාන්දු – 117, සම්මු අශාන් – 77*, බෙන් ග්‍රීන් – 3/77

team

Comments

comments

SHARE