බිම ඇද වැටුනත් නැවත්වීමට නොහැකි වූ ෆාරා.

712
0

මහා බ්‍රිතාන්‍යයේ මෝ ෆාරා පිරිමි මීටර් 10,000 ඉසව්ව පහසුවෙන් ජය ගනු ඇති බවට බොහෝ මත පල වුණා. එම මතයට සාධාරණය ඉටු කරමින් මෝ හොඳ ආරම්භයක් ලබා ගත්තත් තරගයේ 10 වන වටය ධාවනයේ යෙදෙමින් සිටියදී අනපේක්ෂිත අනතුරකට මුහුණ දීමට ඔහුට සිදුවුණා.

ඒ, තවත් ක්‍රීඩකයෙකුගේ ඇගේ හැපී බිම ඇද වැටීම හේතුවෙන්. කෙසේ වෙතත්, යළි නැගී සිටි ෆරා මිනිත්තු 27. තත් 05.17 කින් තරගය අවසන් කර පසුගිය ඔලිම්පික් උලෙළේදී හිමිකරගත් පිරිමි මීටර් 10,000 ශූරතාව දෙවන වරටත් ආරක්ෂා කර ගන්නට සමත් වුණා.

මෙය ඔහුගේ 3වන ඔලිම්පික් රන් පදක්කම වන අතර මෝ ඉතිහාසගත වුනේ මහා බ්‍රිතාන්‍ය ඔලිම්පික් මලල ක්‍රීඩා පිටියේ සාර්ථකම ක්‍රීඩකයා ලෙසිනුයි.

https://www.youtube.com/watch?v=dnBNt9c54zg

SHARE