නිලූක පෝලන්තයට පහරදෙයි

295
0

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න රියෝ ඔලිම්පික් බැඩ්මින්ටන් තරගාවලියේ මුලික වටයේ අවසන් තරගයට ඊයේ පස්වරුවේ සහභාගී වුනා. ඒ ජගත් වර්ගීකරණයේ 58වන ස්ථානයේ පසුවන පෝලන්තයේ එඩ් ගේන්ඩල්කෝ සමගින්.

එම තරගය වට 2 – 0ක් ලෙසින් විශිෂ්ට ජයක් ලබන්නට නිලූක සමත් වුනා. තරගයේ ලකුණු තත්වය 21 – 19ක් සහ 24 – 22ක් ලෙස දැක්වුනා. නිලූක ලැබූ මෙම ජයග්‍රහණය වැදගත් වන්නේ ඔහු මේවනවිට ජගත් බැඩ්මින්ටන් වර්ගීකරණයේ 93වන ස්ථානයේ පසුවීම නිසයි. මෙවර රියෝ බැඩ්මින්ටන් තරගාවලියේ මුලික වටයේදී P කාණ්ඩයෙන් තරගකළ නිලූක එම කාණ්ඩයේ දෙවැන්නා ලෙස තරගය අවසන් කළා.

නමුත් අවසන් 16දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේ සෑම කාණ්ඩයකම පළමු ස්ථානය දිනාගත් ක්‍රීඩකයා පමණයි.

චායාරුප අනුග්‍රහය – රියෝ නුවර සිටින ප්‍රසන්න අදිකාරී

IMG_3217 IMG_3378 IMG_3342 niluka 1234 IMG_3446 IMG_3470 niluka 123 IMG_3440 (2)IMG_3521

Comments

comments

SHARE