පාකිස්තානය, එංගලන්තය හා සමවෙයි

177
0

එංගලන්තය සමග පැවති තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2 – 2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කරගන්නට පාකිස්තානු කණ්ඩායම ඊයේ සමත්වුනා. ඒ දෙරට අතර අවසන් ටෙස්ට් තරගය කඩුලු 10කින් ජයගනිමින්.

න්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 328ක් රැස් කළා. පිළිතුරු ලෙස පකිස්තානය ඊට ප්‍රබල පිළිතුරක් සපයමින් සිය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 542ක් ලබා ගත්තා. ඒ යුනිස් ඛාන්ගේ විශිෂ්ට ද්විත්ව ශතකයත් සමගින්.

එංගලන්ත කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 253කට සීමා කරන්නට පාකිස්තානු පන්දු යවන්නන් සමත්වුනා. ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 81යි. පන්දු යැවීමේදී යසීර් ෂා කඩුලු 5ක් බිද හෙලුවා.

ජයග්‍රහණය සදහා පාකිස්තානයට ලකුණු 40ක පහසු ඉලක්කයක් හිමිවුණා. එම ඉලක්කය කිසිවෙකු නොදැවී සපුරා ගන්නට සමත් වුනේ සිව්වන ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් ලබමින්.

අවසන් ටෙස්ට් තරගයේ වීරයා ලෙස යුනිස් ඛාන් සම්මාන ලැබුවා.

මිස්බා උල් හක් සහ ක්‍රිස් වෝක්ස් තරගාවලියේ වීරයන් ලෙස සම්මාන දිනා ගත්තා.

03 05 04 07 02

Comments

comments

SHARE