වේගවත්ම මිනිසාගේ 3වන කිරුළ

710
0

ලොව වේගවත්ම මිනිසා තමන් බව නැවත වරක් තහවුරු කරන්නට ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් යලිත් වරක් සමත් වුනා.

ඒ ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය රියෝ නුවර වෙත  යොමු කළ, ඔලිම්පික් පිරිමි මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

රියෝ ඔලිම්පික් 9 වන දිනය වූ ඊයේ, සවස් කාලයේ පැවති පිරිමි මීටර් 100 අවසන් පූර්ව වටය ජය ගනිමින් නොකඩවා 3වන වරටත් ඔලිම්පික් වේග රජු වීමේ අවසන් සටනට අවතීර්ණ වන්නට බෝල්ට් සමත් වුනා.

අවසන් තරගයේ මුල් මීටර් 50 තුල පෙරමුණ ගෙන සිටියේ වඩාත්  ලබාගත්, බෝල්ට්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වූ ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින්.

කෙසේ වෙතත් ඇමරිකානුවන් හැර ලොව අනෙක් සියලු ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව ලෙසින්ද හැඳින්විය හැකි බෝල්ට්ගේ ජයග්‍රහණය වලක්වන්නට ඔහුට හැකි වුණේ නැහැ.

අවසන් මීටර් 50 තම ජවය ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කල බෝල්ට් තරග අවසානයට මීටර් 10ක් පමණ ඉතිරිව තිබියදී ගැට්ලින්ව අභිබවා යන්නට සමත් වුණා.

බෝල්ට් තම  3වන ඔලිම්පික් පිරිමි මීටර් 100 රන් පදක්කමට හිමිකම් කීවේ තත්ත්පර 9.81ක කාලයක් වාර්තා කරමින්.

තත්ත්පර 9.89 අවසන් කල ගැට්ලින්හට රිදී පදක්කමෙන් සෑහීමට පත් වන්නට සිදුවුණා.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්ත්පර 9.91ක කාලයක් වාර්තා කළ කැනඩාවේ අන්ඩ්‍රේ ඩි ග්‍රාස්.

බෝල්ට් ඉතිහාසයට එක්වුණේ ඔලිම්පික් උළෙල 3ක් පුරා මීටර් 100 ආධිපත්‍ය රඳවා ගත ලොව පළමු ක්‍රීඩකයා ලෙසයි..

 

Comments

comments

SHARE